google වල තියෙන පහසුකම් කිහිපයක්...

ගොඩ දවසකින් post 1ක් දාන්න බැරි වීම පිලිබද බලවත් කණගාටුව..වෙසක් සතියනේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිලා හිටියේ....අනික රජයේ නිවාඩුනේ....ශරි ශරි ඔන්න දැන් දාන්න යන්නෙ google වල තියෙන පහසුකම් කීපයක් ගැන....බලන්නකො මේවා දැනගෙන හිටියද කියලා...දැනගෙන හිටියනම් ඉතින් කොරන්න දෙයක් නෑ වෙන post 1ක් දානකම් පරන post 1ක් වත් කියවන්න දෙයියනේ කියලා....දන්නෙ නැති කට්ටිය පාඩුවෙ කියවලා share පාරකුත් දාගෙන යන්න....




1. කාලගුණ විස්තර 

ඔයාලට ඕන නගරෙක කාලගුණය ගැන දැන ගන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ මෙන්න මේකයි...google search වල weather තමන්ට ඕනෙ නගරෙ නම type කරන්න..එතකොට ඒ නගරෙ දින කිහිපයක කාලගුණ විස්තරේ එනවා....(ඒක නිකන් super star වල sms කරන්න කිවුවා වගේ අංක 2 යොදා 77**ට  sms කරන්න)...මෙන්න මේකයි දැන් මට ඕනෙ නම් පොලොන්නරුවෙ කාලගුණේ ගැන පොඩ්ඩක් දැන ගන්න මෙන්න මෙහෙම type කරන්නයි තියෙන්නෙ...  weather polonnaruwa ඒ විදිහට ඔයාලට ඕනි නගරයක නම type කරල බලන්න...ගොඩක් නගරවල තියෙන්වා කාලගුණ වාර්තා ඔයාලට බලාගන්න පුලුවන් වෙයි....

2. විවිධ නගර වල වෙලාවන් 
  
    කලින් විදිහටම මේකෙ කරන්න තියෙන්නෙ වෙලාව දැන ගන්න ඕනෙ නගරෙ නමට ඉස්සරහින් time කියල type කරන්න විතරයි.... මෙන්න මේ විදිහට time Rome


3. විවිධ ක්‍රීඩා කණ්ඩායම් වල තොරතුරු 

 එක එක ක්‍රීඩා කණ්ඩායම් වල time schedule..සෙල්ලම් කරපු match වල ප්‍රථිඵල වගේ දේවල් උනත් හොයා ගන්නනම්  google 1 තමන්ට තොරතුරු ඕනි team 1 නම ගහන්න් විතරයි තියෙන්නෙ..උදාහරණයක් විදිහට අපිට ලංකාවේ ක්‍රිකට් team 1 තොරතුරුනම් හොයා ගන්න ඕනි ඕගොල්ලන්ට කරන්න තියෙන්නෙ sri lankan cricket කියලා type කරන්න විතරයි...එතකොට අර කලින් කියපු තොරතුරු හොයාගන්න ඔයගොල්ලන්ට පුලුවන්.....


4google calculator 

      මෙන්න මේක පට්ට calculator 1ක්...sin, cos, tan, log පවා තියෙනවා....calculator 1 ගන්න ඕනෙ නම් google වල ගණිත ගැටලුවක් type කරන්න.... 3+2 වගේ...



5. මිනුම් වර්ග පරිවර්තනය

  ඔයාලට මොකක් හරි මිනුමක් පරිවර්තනය කරගන්න ඕනෙ නම් ඒකටත් google භාවිතා කරන්න පුලුවන්. මිලි මීටර් අඟල් වලින් වගේ ඕනේ  නම් මෙහෙම type  කරන්න... 10mm in inches 



6. හිස් තැන් පුරවගන්න  

ඒ කිවුවෙ මෙන්න මෙහෙමයි sir Isaac Newton මොනව හරි හොයා ගත්තා කියලා මතකයි...ඒත් සමහර වෙලාවට මොනවද ඒ හොයා ගත්තෙ කියලා මතක නැත්නම් මේකයි කරන්න තියෙන්නෙ.... Isaac Newton discovered * මෙන්න මෙහෙම type කරන්න...එයා හොයා ගත්ත අරවා මේව ඔක්කොම එයි...අර තරුව දාන්න මතක් කරලා....




  තව අරව මේව වැඩකෑලි ගොඩක් google 1 තියෙනව ඒව පස්සෙ දාන්නම්...දැනට මේ ටික කියවලා යාලුවන්ටත් බලන්න share පාරකුත් දාගෙන යන්නකො......

Comments

Popular posts from this blog

සිංහල කතන්දර පොත් භාගන්න.........

ලෝකයේ තියෙන එපා කරපුම job

පිස්සු හැදෙන X-RAY