google වල තියෙන පහසුකම් කිහිපයක්...
ගොඩ දවසකින් post 1ක් දාන්න බැරි වීම පිලිබද බලවත් කණගාටුව..වෙසක් සතියනේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩිලා හිටියේ....අනික රජයේ නිවාඩුනේ....ශරි ශරි ඔන්න දැන් දාන්න යන්නෙ google වල තියෙන පහසුකම් කීපයක් ගැන....බලන්නකො මේවා දැනගෙන හිටියද කියලා...දැනගෙන හිටියනම් ඉතින් කොරන්න දෙයක් නෑ වෙන post 1ක් දානකම් පරන post 1ක් වත් කියවන්න දෙයියනේ කියලා....දන්නෙ නැති කට්ටිය පාඩුවෙ කියවලා share පාරකුත් දාගෙන යන්න.... 1 . කාලගුණ විස්තර ඔයාලට ඕන නගරෙක කාලගුණය ගැන දැන ගන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ මෙන්න මේකයි...google search වල weather තමන්ට ඕනෙ නගරෙ නම type කරන්න..එතකොට ඒ නගරෙ දින කිහිපයක කාලගුණ විස්තරේ එනවා....(ඒක නිකන් super star වල sms කරන්න කිවුවා වගේ අංක 2 යොදා 77**ට sms කරන්න)...මෙන්න මේකයි දැන් මට ඕනෙ නම් පොලොන්නරුවෙ කාලගුණේ ගැන පොඩ්ඩක් දැන ගන්න මෙන්න මෙහෙම type කරන්නයි තියෙන්නෙ... weather polonnaruwa ඒ විදිහට ඔයාලට ඕනි නගරයක නම type කරල බලන්න...ගොඩක් නගරවල තියෙන්වා කාලගුණ වාර්තා ඔයාලට බලාගන්න පුලුවන් වෙයි.... 2 . විවිධ නගර වල වෙලාවන් ...