කාලතරණය කරපු මිනිස්සු......

අපේ  කස්ටිය  අහලා ඇතිනේ ඔය කාලතරණය කියලා සිද්දියක්….අර අනාගතේට යන scene එතකොට අතීතෙට යන scene ගොඩක් මේ වගේ ඒවා අපි දකින්නෙ film වල නේ…..දැන් කියන්න යන්නෙ මේ වගේ දේවල් ඇත්තටම වුණා  කියලා සැක කරන සිද්දීන් කිහිපයක්…බලන්නකෝ පින්තූර සහ video දාන්නම්….



  • මුලින්ම දාන්නම් කැනඩාවේ වෙච්ච සිද්දියක් ගැන 



                                            

මේ photo 1 අරගෙන තියෙන්නෙ 1940 කැනඩාවේ පාලමක් re open කරන වෙලාවකලු.....පාලමේ නම South Fork Bridge ...මේ photo 1 වැරදීමකින් වගේ හොයාගෙන තියෙන්නෙ කැනඩාවේ website 1ක virtual museum 1 කින්..(virtual museum කියන එක දන්නවනෙ නේ...virtual museum 1ක් කිවුවේ ගොඩක් වෙලාවට ඔය 3d animation වගේ භාවිතා කරලා හදපු තැනක්..ගොඩක් ඔය හෝටල් වල website වල එහෙම මේ වගේ ඒවා තියෙනවා අපිට පුලුවන් ඒ හෝටලයට යන්නෙ නැතුව ඉන්ටනෙට් 1 භාවිතා කරලා ඒ හෝටලය ඇතුලේ ඇවිදලා බලන්න) හරි දැන් ආයෙත් අපේ topic එකට එමුකෝ...මේ photo 1 ඕගොල්ලන්ට පේන්නෙ නැද්ද අමුත්තක්...මේ මිනිස්සු අතරේ ඉන්නව නේද මෙතනට ගැලපෙන්නෙ නැති වගේ dial 1ක්...අන්න එයා අර කලින් කිවුව වගේ කාලතරණය කරපු කෙනෙක් කියලා හිතෙන්නෙ නැද්ද....



  • HAKAN NORDQVIST 

                                            

                      මෙයාට මේ සිද්දිය වෙලා තියෙන්නෙ ගෙදර සින්ක් 1 leak 1ක් හද හද ඉන්න වෙලාවක...හොදම scene 1 මෙයාට set වෙලා තියෙනව අනාගතේදි මෙයාවම හැබැයි අවුරුදු 70ක් විතර වයසයි ලු එතකොට...මෙයා කොහොම හරි මේ සිද්දිය  video කරගෙනත් තියෙනවා මෙයාගේ phone 1න්.....  video 1 ලස්සනට විස්තරේ තියෙනවා බලන්නකෝ.......



  • CHARLIE CHAPLIN TIME TRAVELER 
                                        
                                         

        අපි කවුරුත් හොදට දන්න විකට නලුවෙක් වන charlie chaplin ගේ circus film 1 premeire 1 දවසේ තමා මේක වෙලා තියෙන්නෙ..1928 තමා මේ සිද්දිය වෙන්නෙ...ඒ කාලෙ ජංගම දුරකතන තියෙන්නෙ විදිහක් නෑ නේ...එහෙනම් බලන්නකො video 1 මේ ගෑනු කෙනාගෙ අතේ තියෙන්නෙ මොකක්ද කියලා.....
           


නිකන් කියවල මාරු වෙන්නෙ නැතුව යට තියෙන share button 1 ඔබලා පොඩි sup 1k දුන්නට අවුලක් නෑ මචන්ලා.... :) 


Comments

Popular posts from this blog

සිංහල කතන්දර පොත් භාගන්න.........

ලෝකයේ තියෙන එපා කරපුම job

පිස්සු හැදෙන X-RAY