අප හොදට දන්න brand name වල සැගවුණ අරුත්...

මේ දාන post 1 ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති, දන්න අයට මතක් වෙන්නයි නොදන්න අයට දැනගන්නයි තමා blog 1 පලවෙනි post 1 විදිහට මේ post 1 ලියන්න හිතුවේ.....


  • මුලින්ම කියන්න යන්නෙ ඇමේසන් ලෝගෝ එකේ සැගවුණු අරුත පිලිබදව...

කවුරුත් දන්නවනේ amazon  කියන්නේ ලෝකේ තියෙන ලොකුම ඔන්ලයින් වෙලදාම් කරන සයිට් 1ක් කියන එක..මේ සයිට් එකේ ලෝගෝ එකේ හිනා වෙන මූනක් වගේ පෙන්නන ඊතලෙන් තව තේරුමක් කියවෙනවා.ඕගොල්ලන්ට පේන විදිහට ඔය ඊතලේ යා වෙලා තියෙන්නෙ a අකුරෙ ඉදන් z අකුර වෙනකන්නෙ, එකෙන් කියවෙන්නේ a අකුරේ ඉදන් z අකුර වෙනකන්(දන්න ඉන්ගිරීසියෙන් කිවුවොත් A to Z ) ඕන වෙලද භාණ්ඩයක් එයාලගේ සයිට් එකේ තියනවා කියන එක තමා....

  • දැන් කියන්න යන්නෙ ලෝ ප්‍රකට apple සමාගමේ logo 1 පිලිබදව


දැනට ලොව තියෙන හොදම සහ ධනවත්ම පරිඝනක හා දුරකථන සමාගමක් වන apple සමාගමේ කවුරුත් දන්න පැත්තක් කාපු ඇපල් ගෙඩියෙ ලස්සන තේරුමක් තියෙනවා ඒ තමයි අපේ ක්‍රිස්තියානි සහොදරයන් හොදට දන්න ශුද්ද වූ බයිබලයේ සදහන් ආදම් සහ ඒවා කතාවේ එන දැනුමේ ශාකයෙන්(මේකට කියන හරි සින්හල නම මම දන්නෙ නෑලු :) :p ) ගත්ත පලතුර තමා මේ විදිහට  ඇපල් සමාගම තමන්ගේ logo එක විදිහට යොදාගෙන තියෙනව කියන්නේ...


  • දැන් බලමු FedEx සමාගමේ logo එක ගැන             
                                               

මේ ලොගෝ එකේ නම් එකපාර බැලුවට එහෙම විශේශයක් පේන්නෙ නෑ නමුත් හොදට කිට්ටු වෙලා බැලුවොත් ඕගොල්ලන්ට පෙනේවි ඊතලයක් ඉදිරියට සලකුණු කරපු, එකෙන් කිය වෙන්නෙ අනාගතය වෙත ගමන් කරනවා කියන එකයි.



  • දැන් බලමු ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් ගැන,ඒ තමයි Audi සමාගම



මේ ඔලිම්පික් ලකුණ වගේ තියෙන රවුම් වලින් මොනවා නම් කියවෙනවද කියලා මටත් කාලයක් හිතාගන්න බැරුව හිටියේ.දැන ගන්න ලැබුණු විදිහට මේ රවුම් හතරෙන් කියවෙන්නෙ Auto-Union සමූහයේ(1932) තවත් සමාගම් 4ක් ගැන තමා...ඒ සමාගම් තමයි DKW, Horch, Wanderer   සහ Audi යන සමාගම්




  • දැන් කියන්න යන්නෙත් තවත් එක ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් ගැන තමා ඒ තමා TOYOTA සමාගම  
    




ටොයෝටා සමාගමේ වෙලද ලකුණෙ තියෙන ඉලිප්ස තුනේ තමා මේ සැගවුණ අරුත තියෙන්නේ......ඒ සෑම ඉලිප්සයක් මගින්ම කියවෙන්නේ පාරිභෝගිකයින්ගේ හදවත,සමාගමේ හදවත සහ තාක්ශණික ක්‍රියාවලියේ හදවත යන දේවල් තමා....මටනම් ඒකේ හදවත් වැඩියි වගේ....වැඩියි කියලා මැරෙන්න ඈ අපෙ අම්මගේ අප්පගේ බූදලේද වැඩි ඒවා අඩු කරන්න...








ඔන්න ඉතින් දෙයියනේ කියලා හැමදෙයක්ම blog එකේ පලවෙනි post 1 මෙතනින් ඉවර කරන්නලු යන්නෙ තව ලියන්න ජාතිත් තියෙනවා ඒවා පස්සේ දාන්නම්,දැන් පට්ට කම්මැලි ගතියක් උණ්ඩුක පුච්චයේ ඉදන්ම එන බවක් පෙන්නුම් කරනවා....මම මේ ලියන විදිහේ සෑහෙන අවුල් ඇති ඒවා වැඩිය හිතට ගන්න එපා :P සින්හල වල පොඩි පොඩි අවුල් ඇති ඒවා ඉදිරියට හදාගන්න බලාපොරොත්තුවෙනවා.... ආ තව මේ පොස්ට් එකට තොරතුරු හොයාගත්ත සයිට් එකටත් වැඩි වැඩියෙන් මේ වගේ පෝස්ට් දැමීමට ශක්තිය වාසනාව ලැබෙන්න ඕනි....මේක කියවන අයගේ අදහසුත් ඕන වෙනවා හැබැයි දැන්ම නෙමේ මොකද අදහසක් දෙන්න තරම් ගොඩක් post තාම හැමදෙයක්ම එකේ නෑ නේ...HEEEEEE :D  post හොදට තියෙන කොට ඔයාලගේ අදහස් නම් ඕන කරනවා.....එහෙනම් අදට ආයුබෝවන්!!!!!!!!  ආහ් යාලුවන්ටත් මේ ටික බලන්න share කරානම් දෙයියනේ කියලා....ඔව් ඔව්  post 1 යට තමා තියෙන්නෙ share button 1....






Comments

Popular posts from this blog

සිංහල කතන්දර පොත් භාගන්න.........

ලෝකයේ තියෙන එපා කරපුම job

පිස්සු හැදෙන X-RAY