අපි දන්නෙ නැති උනාට මේවා හදල තියෙන්නෙ වැරදිලාලු

ඔන්න ගෙනාවා අපි හොදට දන්න දෙවල් ගැන නොදන්න දෙවල් ටිකක්....මේව හැදිල තියෙන්නෙ වෙන එකක් හදන්න ගියාම..පෙරලුන පිට හොදයි කියනවනේ...අන්න එහෙම වෙච්ච ඒව...........


  • chocolate chip cookies                                                                                                                                    මේවා හැදිලා තියෙන්නෙත් වැරදිලාලුනෙ ( වැරදිලා හරි මේ වගේ ජාති නම් කොච්චර හැදුනත් මොකෝ )මේව හදලා තියෙන්නේ 1930 Ruth Graves Wakefield කියල ඇන්ටි කෙනෙක්ලු....එයා හදන්න ගිහිල්ල තියෙන්නෙ chocolate වලින් අතුරුපසක් වැඩේ කරගෙන යද්දි ඇන්ටිට තේරිලා තියෙනවා එයා දාපු chocolate මදි ගතියක් ඉතින් එයා තව chocolate එකතු කරගන්න කියලා හිතලා පොඩි පොඩි chocolate කෑලි ටිකක් දාලා තියෙනවා.ඒත් වැඩේ සාර්ථක වෙලා නෑ....ඒ දාපු chocolate කෑලි හරියට දිය වෙලා නෑලු....හරියට දැන් අපි කන chocolate chips cookies වල වගේ......ඔන්න ඔහොමලු ඒක හැදුනෙ.




  • Chewing gum
චුවින්ගම් හැදිලා තියෙනවා  කියන්නෙ Thomas Adams කියන කෙනාගෙ පරීක්ෂණයක් කරද්දි පොඩි අවුලක් ගිහිල්ලා තමා...එයා රබර් වලට ආදේශකයක් හොයන්න තමා ගිහින් තියෙන්නෙ...කොහොම හරි වැඩේ අල වෙච්ච scene 1ක් තමා ආරංචි වුනේ,,,,කොහොම හරි එයාගෙ අතින් හැදිච්ච මේ අමුතු item 1 මෙයා  කටේ දාගෙන තියෙනවා....ඒක කටේ දාගෙන හපද්දි ඒකෙත් අමුතු ආතල් එකක් තියෙනවා කියලා මෙයාට හිතිලා තියෙනවා..ඒ ගමන මෙයා මේකට එක එක රස වර්ග එකතු කරලා හපලා බලලා තියෙනවා...ඊට පස්සෙ තමා chewing gum හැදුනෙ...අපේ අතින් ඔහොම වැරදිලා හැදිච්ච එකක් කටේ දාගත්තොත් ඉතින් දෙයියන්ගෙම පිහිට තමා.......ආ මේක හැදිලා තියෙන්නෙ 1888 ලු.......




  • Potato chips 
                 බැඳුණු අල පෙතිත් හැදිලා තියෙන්නෙ වැරදිලා තමයි....මේක වෙලා තියෙනවා කියන්නෙ මෙහෙමයි.customer කෙනෙක් පැමිණිලි කරලා තියෙනවා එයා ගත්ත බැදපු  අල වස chaater ඒවා හෙන ඝණකමත් වැඩ්යි කියලා..මෙහෙම කියලා තියෙන්නෙ ඒ බැඳපු අල හදපු කෝකියටලු නැතුව ඉතින් ඌ ඇවිත් මට කියන්න ඈ නේද ? මේකට කෝකියට මල පැනපු පාර දෙන්නන්කො තොට හොඳ අලයක් උගුරෙන් පල්ලෙහාට නොයන්න කියලා අල හීනියට කපලා වෙනදට වඩා වැඩි වෙලාවක් ඒක බැඳලා ලුනුත් දාල දුන්නලු අර customer කාරයට..මෙන්න බොලේ තව ටිකකින් අර යකා ආයෙත් එනවලු...ඒ පාරනම් හැබයි man ඇවිත් තියෙන්නෙ බනින්න නෙමේලු...ඒ ජාතියෙන් තව ඉල්ලගෙන යන්නලු.ඔන්න ඔහොම තමා බැදපු අල පෙති හැදුනෙ........මේවා හදපු අර කෝකියගෙ නම තමා George Crum




                           යාලුවන්ටත් මේ ටික බලන්න share කරානම් දෙයියනේ කියලා....ඔව් ඔව්  post 1 යට තමා තියෙන්නෙ share button 1....




Comments

Popular posts from this blog

සිංහල කතන්දර පොත් භාගන්න.........

ලෝකයේ තියෙන එපා කරපුම job

පිස්සු හැදෙන X-RAY